Written in the stars

Million miles away
Message to the men,,,

Popular Posts

Saturday, June 2, 2012

සමනළයා වඳුරා වෙච්ච හැටි හෙවත් මගේ ප්‍රථම ඉන්ටර්නෙට් අත්දැකීම


සමනළයා වඳුරා වෙච්ච හැටි හෙවත් මගේ ප්‍රථම ඉන්ටර්නෙට් අත්දැකීම


මේ සිදුවීම වෙලාදැනට දශකයකටත් වැඩියි. ඒ කියන්නෙ මේක වුනේ දෙදහස් මුල් ගණන්වල (මම 10 වසරෙ විතර හිටියේ ) . ඒකාලෙ තමයි ඔන්න මට මුලින්ම කියල කොම්පියුටරයක් අරන්දුන්නෙ ගෙදරින්. කොහොමහරි කොම්පියුටරය අරන් මුල් දවස්වලම ඉන්ටර්නෙටුත් ගත්තා. හැබැයි ඉතින් ඩයල් අප් තමයි. මට අද වගේ මතකයි SLT එකෙන් රු. 200 ඩයල් අප් කාර්ඩ් එකක් අරගෙන කුරු කුරු ගගා ඉන්ටර්නෙට් ගියපු හැටි.




ඔය කාලෙ මට කොම්පියුටරය අරන් දුන්නෙ එක දිගට අවුරුදු 5ක් විතර තාත්තගෙන් කරපු කන්නලව්වක ප්‍රතිඵලයක් විදිහට තමයි. ඉතිං ඕලෙවලුත් ළඟ නිසා සෑහෙන නීති රීති රෙගුලාසි වලට යත්වෙලා තමයි මට තාත්තත් එක්ක එකඟතා ගිවිසුමකට එන්න සිද්ධවුනේ. එච්චර කොම්පියුටර් අතපතගාලා පුරුදු නැතිනිසා සෑහෙන්න භයෙන් තමයි කොම්පියුටරය පාවිච්චිකරේ. වෙන මුකුත් නිසා නෙවෙයි තාත්තගෙන් අම්බානක කන්න වෙයි කියන භයට.


තාත්තගෙත් කොම්පියුටර් දැණුම අඩු නිසා මම කරන සුලු දේ පවා තාත්තා දැක්කෙ මම කොම්පියුටරෙක නාස්ති කරනවා වගේ. දන්න  කියන සියලුම වැඩ කිඩ දාලා Wall Paper එක මාරුකරත්, Music video එකක් බැලුවත්, Game එකක් ගැහුවත් ඉතින් බැණුම් තමයි(ඉන් එහාට කරන්න පුළුවන් දෙයක් නැති ගානය්).




ඉතින් ඔන්න ඉන්ටර්නෙට් යන්න තිබුනෙ ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් තමයි. ඩිෆෝල්ට් සර්ච් එන්ජින් එක වුනේ MSN. මම ඉන්ටර්නෙට් එකේ මොනවහරි කරකර ඉන්නකොට මගෙ අතින් මොනවහරි වෙලා (ස්ජෙශන් එකක් ඕකේ කරල වෙන්න ඇති; දැන් නම් ඇත්තටම මතක නෑ) සර්ච් එන්ජින් එක Bonzi වලට වෙනස්වෙලා. මම දෙලොව රත්වෙලා එක එක ඒව ඔබ ඔබ බලනව හරිගස්සන්න ඒත් වැඩේ හරියන පාටක්නම් නෑ. ඊළඟ දවසෙ ඉස්කෝලෙ ගියපුගමන් ගියා පන්තියෙ හිටපු ටෙක් ගීක් පොරක් හම්බවෙන්න. හම්බවෙන්න ගියාට මොකද මම ඒ දවස්වල දැනගෙන හිටියෙ නෑ මම වෙනස්කරල තියෙන්නෙ ඉන්ටර්නෙට් සර්ච් එන්ජින් එක කියල. ඉතින් මම ඌට ගිහින් කිව්වෙ මොකද්ද, "මචං මාර කේස් එකනෙ කම්පියුටර් එකේ හිටපු සමනළය වඳුරා වෙලානෙ" කියල.





ඔයවගේ කතාවක් ඉතින් කොල්ලෙකුට සෑහෙන කාලෙකට අමතක වෙන්නෙ නෑනෙ. ඉතින් ඔය කේස් එක නිසා සෑහෙන කාලයක් බයිට්වුණා. අදටත් ඒ කොල්ල හම්බවුනහම මගෙන් අහනව "මචං සමනළයව හම්බවුණාද?" ලියල.

4 comments:

  1. මගේත් මුල්ම පරිගණක අත්දැකීම නම් මේ වගේ තමයි..! හප්පා..! ඒ කාලේ කම්පියුටර් එක කැඩෙයි කියලා තිබ්බ බයක්!

    ReplyDelete
  2. ආපුම අලුත කොම්පියුටර් එකක් තියෙනවා කියන්නේ රජෙක් වගේ තමා..මම හිතන්නේ අපේ ඉස්කොලේ කොම්පියුටර් එකක් ගෙදරක තිබ්බේ ලමයි 4කට වගේ..ඉන්ටර්නෙට් නම් කොමත් නැහැ මම දන්න තරමින්..
    අනේ යාලු වේරිෆිකෙශන් අයින් කරන්නකෝ පුලුවන් නම්.

    ReplyDelete
  3. හරි සුන්දර අත්දැකිමක්.මමත් පුදුම බයකින් කොමිපියුටරය අතගෑවෙ.මගෙ වයසෙ අය නොකරන දෙයක් නිසා හැමෝම කෙල්ල වෙන්න හදනව කීව. අපේ පාසලෙ හැමෝම දැන් මගෙන් උපදෙස් ගන්නව. ආසාවට ඉගෙන ගත්තෙ.තාත්තල අමිමල මෙිව ගැන හිතන්නෙ නැතිවට ඒ අය විශේෂයෙන්ම ඉගෙන ගන්න ඔින දරුවො මොනවද කරන්නෙ බලන්න.ඉන්ටර්නෙටි වසවිස වෙලා ඇත්තෙ ඒනිසයි.

    ReplyDelete
  4. මටත් මතකයි ඉස්කෝලේ ලැබ් එකේ හිටපු කොම්පුටෙර් දාන්න කෙනෙක් ට හිටියේ මම විතරයි.මිස් ට කොරෙන් ඉන්ටෙර් නෙට් යන්න කට්ටියට කියල දුන්නේ මම. කෙලින්ම ගියා වර්ඩ් එකට එකේ ගැහුවා වෙබ් ලිපිනයක් ගහලා බලාගෙන ඉන්නවා එනකං. පස්සේ මිස් එනවා දැකල ක්ලෝස් කල.එත් කාටවත් තේරුමක් නැහැ මම කරපු දේ ගැන. උන් ඊට වඩා මැට්ටෝ.

    නියන්ම කථාව.

    ReplyDelete