Written in the stars

Million miles away
Message to the men,,,

Popular Posts

Saturday, June 2, 2012

සමනළයා වඳුරා වෙච්ච හැටි හෙවත් මගේ ප්‍රථම ඉන්ටර්නෙට් අත්දැකීම


සමනළයා වඳුරා වෙච්ච හැටි හෙවත් මගේ ප්‍රථම ඉන්ටර්නෙට් අත්දැකීම


මේ සිදුවීම වෙලාදැනට දශකයකටත් වැඩියි. ඒ කියන්නෙ මේක වුනේ දෙදහස් මුල් ගණන්වල (මම 10 වසරෙ විතර හිටියේ ) . ඒකාලෙ තමයි ඔන්න මට මුලින්ම කියල කොම්පියුටරයක් අරන්දුන්නෙ ගෙදරින්. කොහොමහරි කොම්පියුටරය අරන් මුල් දවස්වලම ඉන්ටර්නෙටුත් ගත්තා. හැබැයි ඉතින් ඩයල් අප් තමයි. මට අද වගේ මතකයි SLT එකෙන් රු. 200 ඩයල් අප් කාර්ඩ් එකක් අරගෙන කුරු කුරු ගගා ඉන්ටර්නෙට් ගියපු හැටි.




ඔය කාලෙ මට කොම්පියුටරය අරන් දුන්නෙ එක දිගට අවුරුදු 5ක් විතර තාත්තගෙන් කරපු කන්නලව්වක ප්‍රතිඵලයක් විදිහට තමයි. ඉතිං ඕලෙවලුත් ළඟ නිසා සෑහෙන නීති රීති රෙගුලාසි වලට යත්වෙලා තමයි මට තාත්තත් එක්ක එකඟතා ගිවිසුමකට එන්න සිද්ධවුනේ. එච්චර කොම්පියුටර් අතපතගාලා පුරුදු නැතිනිසා සෑහෙන්න භයෙන් තමයි කොම්පියුටරය පාවිච්චිකරේ. වෙන මුකුත් නිසා නෙවෙයි තාත්තගෙන් අම්බානක කන්න වෙයි කියන භයට.


තාත්තගෙත් කොම්පියුටර් දැණුම අඩු නිසා මම කරන සුලු දේ පවා තාත්තා දැක්කෙ මම කොම්පියුටරෙක නාස්ති කරනවා වගේ. දන්න  කියන සියලුම වැඩ කිඩ දාලා Wall Paper එක මාරුකරත්, Music video එකක් බැලුවත්, Game එකක් ගැහුවත් ඉතින් බැණුම් තමයි(ඉන් එහාට කරන්න පුළුවන් දෙයක් නැති ගානය්).




ඉතින් ඔන්න ඉන්ටර්නෙට් යන්න තිබුනෙ ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් තමයි. ඩිෆෝල්ට් සර්ච් එන්ජින් එක වුනේ MSN. මම ඉන්ටර්නෙට් එකේ මොනවහරි කරකර ඉන්නකොට මගෙ අතින් මොනවහරි වෙලා (ස්ජෙශන් එකක් ඕකේ කරල වෙන්න ඇති; දැන් නම් ඇත්තටම මතක නෑ) සර්ච් එන්ජින් එක Bonzi වලට වෙනස්වෙලා. මම දෙලොව රත්වෙලා එක එක ඒව ඔබ ඔබ බලනව හරිගස්සන්න ඒත් වැඩේ හරියන පාටක්නම් නෑ. ඊළඟ දවසෙ ඉස්කෝලෙ ගියපුගමන් ගියා පන්තියෙ හිටපු ටෙක් ගීක් පොරක් හම්බවෙන්න. හම්බවෙන්න ගියාට මොකද මම ඒ දවස්වල දැනගෙන හිටියෙ නෑ මම වෙනස්කරල තියෙන්නෙ ඉන්ටර්නෙට් සර්ච් එන්ජින් එක කියල. ඉතින් මම ඌට ගිහින් කිව්වෙ මොකද්ද, "මචං මාර කේස් එකනෙ කම්පියුටර් එකේ හිටපු සමනළය වඳුරා වෙලානෙ" කියල.





ඔයවගේ කතාවක් ඉතින් කොල්ලෙකුට සෑහෙන කාලෙකට අමතක වෙන්නෙ නෑනෙ. ඉතින් ඔය කේස් එක නිසා සෑහෙන කාලයක් බයිට්වුණා. අදටත් ඒ කොල්ල හම්බවුනහම මගෙන් අහනව "මචං සමනළයව හම්බවුණාද?" ලියල.

Saturday, November 5, 2011

මගේ මුල්ම පෝස්ට් එක











හැමදාම කල්දදා හිටපු දෙයක් ඔන්න අද මම කරා
ඒක තමයි මගෙ බ්ලොග් පෝස්ට් එකක් සින්ඩියට දාන එක. මේක මගෙ මුල්ම පෝස්ට් එක වුනාට සින්ඩිය කියන්නෙ මට අලුත් තැනක්නම් නෙවෙයි. මොකද මම නිතරම සින්ඩියට ඇවිල්ලා අනිත් අයගෙ පෝස්ට්ස් කියවන නිසා. ඉතින් අනිත් අයගෙ බ්ලොග්ස් හැමදාමත් කියවන නිසා මටත් හිතුන මගේම කියල බ්ලොග් එකක් හැදුවොත් හොඳයි කියලා. හැබැයි බ්ලොග් එකනම් හැදුවෙ ගිය අවුරුද්දෙ. ඒත් ඔන්න අද තමයි මගේ ප්‍රථම පෝස්ට් එක :)




හොඳම වැඩේ කියන්නෙ අදට මගේ බ්ලොග් එක හදලා හරියටම අවුරුද්දක් වෙනව. අවුරුද්දක් පිරෙන දවසෙම මම ආපහු ලොග් වෙච්ච එක හරිම අමුතු සිඩුවීමක් විදිහටඉ මම දකින්නෙ :)
ඉතින් ඉස්සරහට මම එක එක විදිහෙ පෝස්ට්ස් දාන්න බලාපොරොත්තුවෙනව. කැමතිනම් මගේ බ්ලොග් එක follow කරන්න; අඩුපාඩුවක් හරි අදහසක් තියෙනවනම් comment එකක් දාන්න කියල ඔයාල හැමෝගෙන්ම ඉල්ලා සිටිනව.


ස්තූතියි - නැවත හමුවෙමු